නිල්වලා නදිය පිළිබඳව කථා කරන අපහට මාතර නගරය හා එහි ඉතිහාසය කථා නෙකරම බැරිය. එයට හේතුව අතීතයේ සිට අපට උරුමව ඇති විවිධාකාර ඉතිහාසයේ ශ්‍රි විභුතිය තවමත් මාතර නගරයෙන් අපට පෙනෙන නිසාවෙනි. මාතර කොටුව, තාරකා කොටුව,වෙළඳ මධ්‍යස්ථානය මේ ආදී විශාල පෞරාණික ස්ථාන මෙන්ම පෞරාණික වෙහෙර විහාර රාශියක්ම නගරය ආසන්නයේ මෙන්ම දිස්ත්‍රික්කය පුරා විසිරී පැතිරී ඇත්තේය. ඒ අතරින් මාතර කොවුවට ඔරලෝසු කණුවට මෙන්ම තරුවක හැඩයට නිමවා ඇති තාරකා කොටුවට සුවිශේෂී ස්ථානයක් හිමිවේ.
පුංචි නුවර එළිය වැනි දෙනියාය ගොංගල කඳු ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කරන සුන්දර ලියකි නිලවලා. ඇය පසුකරන්නේ කඳු නිම්න තැනිකලා පමණක්ම නොවේ. මිනිසුන් සිය ගණනක් සිටින ගම්මාන පසුකිරීමටද ඇයට සිදුවේ. ඇයගේ ගමන අවසන් වන්නේ මාතර නගරයෙනි.